2010 අති විශේෂ ගැසට් පත්‍රයට අනුව මුල් ළමාවිය අධ්‍යාපන සංවර්ධනය සඳහා සබරගමුව පළාත තුල ක්‍රියාත්මක හා බලාත්මක ආයතනයකි.
“ගුණාත්මක පෙර පාසලක් ප්‍රබෝධමත් දරුවෙක්”
සබරගමුව පළාත තුළ පූර්ව ළමාවිය අධ්‍යාපනයේ ගුණාත්මක බව ඇති කිරීම සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කර ක්‍රියාවට නැංවීම ,නියාමනය සහ අධික්ෂණය, මානව හා භෞතික සම්පත් කළමණාකරණය තුළින් විධිමත් පූර්ව ළමාවිය අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථාන පවත්වාගෙන යාම හා ළමා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම.
“ යහපත් පුරවැසියෙකු බිහි කිරීම”
පළාත තුළ පූර්ව ළමාවිය අධ්‍යාපනය අධීක්ෂණය කිරීම සහ කළමණාකරණය කිරීම මගින් සබරගමුව පළාතේ ළමා අධ්‍යාපනය දියුණු කිරීම.ළමුන්ගේ අධ්‍යාපන, සමාජයීය සහ අධ්‍යාත්මික සංවර්ධනයට උචිත පරිසරයක් නිර්මාණය කිරීම
# සබරගමුව පළාත තුළ ළමා අධ්‍යාපනය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් මඟ පෙන්වීම හා සහය ලබා දීම.
# පූර්ව ළමාවිය සංවර්ධනය මධ්‍යස්ථානයන්හි ගුරුභවතුන් දැනුවත් කිරීම.
# සබරගමුව පළාත තුළ පිහිටුවා ඇති සහ පවත්වා ගෙන යනු ලබන සියළු පූර්ව ළමාවිය සංවර්ධනය මධ්‍යස්ථාන ලියාපදිංචි කිරීම.
# පූර්ව ළමාවිය සංවර්ධනය මධ්‍යස්ථාන සිසුන්ගේ ගාස්තු අය කිරීම් සම්බන්ධයෙන් කොන්දේසී පැනවීම.
# පූර්ව ළමාවිය සංවර්ධනය මධ්‍යස්ථානයන්හි ගුරුභවතුන්ගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් පිළිබඳ නියමයන් පැනවීම.
# පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන සඳහා අවශ්‍ය ගොඩනැගිලි සම්බන්ධයෙන් ප්‍රමිති නියම කිරීම.
# පූර්ව ළමාවිය සංවර්ධන මධ්‍යස්ථාන නවීකරණය කිරීම හා සම්බන්ධ සේවාස්ථ සැසි පැවැත්වීම.
# පළාත් පාලන ආයතන ද ඇතුළුව වෙනත් සංවිධාන විසින් පවත්වනු ලබන පූර්ව ළමාවිය අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථාන කළමණාකරණය හා පාලනය සම්බන්ධයෙන් ප්‍රමිතීන් නියම කිරීම.
#පූර්ව ළමාවිය අධ්‍යාපන සංවර්ධන වැදගත්කම පිළිබඳ සබරගමුව පළාතේ ප්‍රජාව ද දැනුවත් කිරීම .
# සබරගමුව පළාතේ ළමුන්ගේ සමාජීය, මානසික හා අධ්‍යාත්මික සංවර්ධනය සඳහා අවශ්‍ය වන්නා වූ ක්‍රියාකාරකම් සිදු කිරීම හා එවැනි ක්‍රියාකාරකම් හා සම්බන්ධ වී සිටින වෙනත් රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන හා සම්බන්ධීකරණය වීම හා එම ආයතනයන්හි සේවාවන් පූර්ව ළමාවිය සංවර්ධනය මධ්‍යස්ථාන වෙත ලබා දීමට අවශ්‍ය කටයුතු සැලසීම.
# සබරගමුව පළාත තුළ ළමුන්ගේ සංවර්ධනය වෙනුවෙන් ක්‍රියාකරන රාජ්‍ය හා රාජ්‍ය නොවන සංවිධාන වල ක්‍රියාකාරකම් අධීක්ෂණය කිරීම හා සම්බන්ධීකරණය කිරීම.
# සබරගමුව පළාතේ ඕනෑම ස්ථානයක (වතු ද ඇතුළුව) ළමාවිය අධ්‍යාපන සංවර්ධනය සඳහා පවත්වාගෙන යාමට නියමිත අධිකාරිය විසින් සංවර්ධනය කරනු ලබන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම හා සම්බන්ධ කොන්දේසි පැනවීම.
# ආදර්ශ පූර්ව ළමාවිය අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථාන පවත්වා ගෙන යාම, පූර්ව ළමාවිය අධ්‍යාපන සංවර්ධන මධ්‍යස්ථාන ගුරු භවතුන්ගේ සුභ සාධනය සඳහා අදාල විධිවිධාන සැලසීම.
ආණ්ඩුකාරවර
සබරගමුව පළාත් සභාව
ප්‍රධාන ලේකම්
සබරගමුව පළාත් සභාව
සභාපති
සබරගමුව පළාත් අධ්‍යාපන , තොරතුරු තාක්ෂණ හා සංස්කෘතික අමාත්‍යාංශය, සබරගමුව පළාත් සභාව
අධ්‍යක්‍ෂ
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ගැටන්ගම, රත්නපුර
සාමාජික
පළාත් ක්‍රම සම්පාදන අංශය, සබරගමුව පළාත් සභාව
සාමාජික
පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව, ගැටන්ගම, රත්නපුර
සාමාජික
ර/ පරකැටිය දෙමළ විද්‍යාලය ,දම්බුළුවන , රත්නපුර .
සාමාජික
සබරගමුව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ කාර්යාලය, රත්නපුර
සාමාජික
පරිවාස ළමා ආරක්ෂක හා සමාජ සේවා දෙපාර්තමේන්තුව, සබරගමුව පළාත් සභාව
සාමාජික
අංක 816 ,රත්නපුර පාර ,ඇල්ලේපොළ ,බලංගොඩ
සාමාජික
රත්නපුර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක බටලන්ද, පැල්මඩුල්ල
සාමාජික
පළාත් පාලන දෙපාර්තමෙින්තුව සබරගමුව පළාත් සභාව